සරත් කල පත්
එකින් එක බිම හලන
ඔබ
අසමාන වේද
වසරින් වසර
ජීවිතෙන් හලන මට..

අවරට යන
සඳ එළිය
මත
සෙවණැලි රූ
පෙරඹරට ඇදෙත්

රාත්‍රි වැහි රටාව
පියසි කෙලවරට
තට්ටු කර
මා අවදි කර තබන……

අකුණු එළියක්
වන මැද
හාත්පස එළි කරන
මම දකිමි
දියකඩ
උගුර තෙමන

විලෝ තුරු අතු
නැමේ
සැඩ ගඟ සමඟ
පෙරටම
තාරාවො
ගං දියෙහි
ගසා ගෙන යති
ආපස්සට…..

හිරු එළිය
ඇගේ කන්
අග
රන් පාට තවරමින්…..

ගිනි පුපුර

ජීවිතේ ගොඩක් කළුවරයි.පුංචි එළි ඇවිත් නිවිලා යනවා , පුංචි ගිනි පුපුරු වගේ. අපි නිවෙන ගිනි පුපුර ගැන තැවෙනවා.මොකද මොහොතකට හරි ඒකෙන් ලැබෙන පුංචි ආලෝකයට අපි ලෝබ නිසා.එකක් පසු පස එකක් ගිනි පුපුරු අපේ ජීවිතේට එබෙනවා.
සමහරු ඒ ගිනි පුපුර ලං කරගෙන ඉක්මනට නිවිලා ගියාම ඒ ගැනම විතරක් හිත හිතා දුක් වෙනවා.
තවත් සමහරු එක ගිනි පුපුරක් ලං කරගෙන ඒක නිවිලා ගියාම ඊලඟට එන ගිනි පුපුරෙන් එළිය බලනවා.
තවත් අය ගිනි පුපුර ගනන් නොගෙන ගිනි මැලයක් ගැන හිත හිතා ඉඳලා ඒක නොලැබුනාම අර නොසලකා හැරිය ගිනි පුපුරු ගැන දුක් වෙනවා.එතකොට ජීවිතේ ගෙවිලා ඉවරයි.
ඇත්තටම අපි මේ වගේ නේද?


_________________________________________________________

Tag Cloud