Archive for the ‘Uncategorized’ Category

පුංචි කාලෙ මං

මට මතක ඇති කාලෙ මං හිටියෙ ආතාලගෙ ගෙදර. ඒ ගෙදර අම්මයි තාත්තයි ආතායි ආච්චියි නැද්දයි තමා හිටියෙ.හොඳට ගොම මැටි ගාලා හදපු ගෙයක් ඒක. ඒ ගෙදරට උඩින් කන්ද උඩ තිබ්බෙ ආච්චිගෙ අම්මයි තාත්තයි ඉන්න ගෙදර. මට දැන් උනත් මතකයි ඒ දෙන්නගෙ මූණුවර.
තාත්තගෙ අක්කලා ඒ කියන්නෙ මගේ නැන්දලාගෙ ගෙවල් තිබුනෙත් අහල පහලමයි. ඉතිං හවසට අක්කලා අයියලා එක්ක සෙල්ලම් කරන එක තමා මගෙ වැඩේ. එයාලා අපේ ගෙදර එන්නේ මං එතන හිටපු ඉස්කොලෙවත් යන්නෙ නැති පොඩිම එකා හින්දා.
අපේ ගෙදර ඉස්සෙල්ලම හිටියේ හාවො. සුදුපාට හාවො…. වැඩේම කන එක.මොනවා දුන්නත් කනවා. ඒ දවස්වල මගේ තියෙන එකම ප්‍රශ්නෙ තමා බත් කන එක. එච්චර පුංචි හාවොත් අච්චර ගොඩක් කනවා නම් ඇයි ඔයාට කන්න බැරි කියලා නැද්දත් අහනවා.මගෙ එකම විනෝදාංසෙ උනෙ මොනවා හරි කොළ ජාතියක් ගෙනත් දීලා හාවො කන හැටි බලන් ඉන්න එක…
කොහොමින් කොහොම හරි අපේ ගෙදරට පූසෙකුත් ගෙනාවා. මම එයාට නම තිබ්බෙ ප්‍රභාවති කියලා. ටී වී තිබ්බෙ නැති ඒ කාලෙ හැම වෙලේම වගේ රේඩියෝ එක ගෙදර දාලා තිබ්බා.
ඒ කාලෙ සිංදුවක් තිබ්බා
“ඕ….. ඕ රූපසිරි
ඕ….. ඕ ප්‍රබාවති “ කියලා

අන්න ඒකෙන් තමා ඔය නම ගත්තේ. ඒ පූස් තඩියා වඩා ගෙන ෆොටෝ එකකුත් ගත්තා.ඒත් මට දැන් ඒක හොයා ගන්න නැ. මට මතක තාත්තා කැමරාවෙන් ෆොටෝ එක ගත්ත ගමන් ප්ලෑෂර් එකට බයේ ප්‍රභාවති මාවත් හූරලා පැනලා දිව්ව හැටි.

ආච්චි අම්මා බොහෝම අකමැති ඒ පූසට. මං පුංචි නිසා නොතේරුනාට පස්සෙයි දන්නෙ ආච්චිඅම්මගේ නම රම්‍යවති. පූසට තිබ්බේ ඊට වඩා පොෂ් නමක්.අන්න ඒකයි හේතුව

cat-wallpaper-38

නූපන් කළලය

පියා නොහඳුනමි

මව හොඳින් හඳුනමි

තවම,

සරමක් ද නොදනිමි

කමිබායක්ද නොදනිමි

මා බරක් බව දනිමි

මව වැළපෙනා බව දනිමි

නෑදෑ සනුහරේ අවි ගෙන ඇති බව දනිමි

එක වරම සැතකින්

ජීවන රැහැන

බිඳලු බව දැනුනි

ඉතිං මම නික්ම යමි

මදුවිත

වල් වැදුනු හිත
දුක් විඳින සඳ
වැස්ස හිත ළඟ
පුරයි මදුවිත

වැස්ස

මොර සුරන වැස්සත් එක්ක තියෙන හීතලට මගේ හිත ගල් වෙලා.. හරියට අයිස් කුට්ටියක් වගේ… කොල්ලොන්ට වගේ රහමෙර පානය කරන්ටත් බෑ නොවැ..
ඉතිං උණුසුම් වෙන්න කියලා මතක පොත ඇවිස්සුවා… ඒක පුරාම තිබ්බෙ ඔයා ගේ මතක… හිත උණුසුම් වෙන්න ඔයාවත් ළඟ හිට්යනම්….
පොත පැත්තක දාලා ඇඳට වෙලා කොට්ටයක් බදා ගෙන හිත හිතා හිටියෙ ඔයා කවදා එයිද කියලා

තරු,අහස සහ හඳ

හඳ පායලා නෑ තාම
කලාමැදිරියො ඉගිලෙනවා
කොළ පාට එළි ගොඩකුත් එක්ක
අහසේ තරු ගොඩායි
හරියට කලු පාට ලොකු රෙද්දක පුංචි පුංචි හිල් ගොඩක් වගේ
ඒත් මං බලන් ඉන්නෙ හඳ පායනකම්
එ තරු වල එලිය නෑ හඳ තරම්
අනේ ඉක්මනටම හඳ පයනව නම් මගෙ හිතට…..

ඇස්

ඔයා ගේ ඔය ඇස් ඇතුලෙ පේන මගේ මූණ දිහා බලන්න මං හරිම ආසයි.හරියට නිල් දියවර පිරුණ විලකින් මූණ බැලුවා වගේ.ඇස් පිල්ලම් ගහන පරක්කුවට විලේ රැලි නැගෙනවා.ඒත් මගේ මූණ බොඳ වෙන වෙලාවක් මං දැක්කෙ නෑ.
ලෝකෙ කවුරු මං දිහා බලන් හිටියත් ඇස් පියාන ඔය හිතට ඔලුව තියා ගන්න තිබ්බ ආසාව මම ඉවසගත්තෙ අමාරුවෙන්…..
ඔයා ම පලන්දපු මුදුව ගලවලා පිහදාලා ආයෙමත් මගෙ ඇඟිල්ලේ දැම්මාම මට දැනුනා ඔයා ගේ ආදරේ…
ඔයා මට සමු දෙන වෙලාවේ මගෙ ඔලුව අතගාලා මුකුත් ම කියන්නෙ නැතුව මගෙ දිහා බැලුවම මට තේරුනා මාව ඔයාට කොච්චර නම් වටිනවාද කියලා… මේ ආදරේ හැමදාමත් තියෙනවා නම්…….

Tag Cloud