Archive for the ‘මතක’ Category

පුංචි කාලේ වීර ක්‍රියා

පුංචි කාලෙ මං ගැන මතක තියෙන කතා ටිකක් කියන්නයි හැදුවෙ…

මට මේවා මතක් වෙනකොට හිනත් යනවා.

ඉස්සර මං පුංචි කාලේ ඒ කියන්නේ අවුරුදු 3 4 වගේ වෙනකොට ගෙදර හිටියෙ මං විතරයි.. නංගිලා මල්ලිලා කවුරුවත් ම නෑ.. ඉතින් ගෙදර හුරතල් වෙවී හිටියෙ හරි ආඩම්බරෙන්.
තාත්තට ඒ දවස්වල රත්නපුරේ පොඩි කඩ කෑල්ලක් තිබුනා.. සිල්ලර බඩු නෙවෙයි මැණික් මිලදී ගන්නා ස්ථානයක්. දැන් එතන මොකක්ද තියෙන්නේ කියලා මට මතක නෑ.. ගොඩ කාලෙකින් ඒ පැත්තෙ යන්න බැරිවුන නිසා..පොඩි මේසයක් පුටු කිහිපයක් එක්ක ගොඩක් ඉඩ තිබ්බ තැනක් ඒක.
ඒ එක්කම පුංචි ලි තරප්පු පේලියක් තියෙන පුංචි උඩ තට්ටුවකුත් තිබ්බා
එතන පුංචි ඇඳක් තිබ්බා මට මතකයි.
මට ම කියලා එතන හදලා තිබ්බා කියලා තාත්තා මට කිව්වා..
කඩ කාමරය ඉස්සරහ කෙලින් විදිය.. කඩ පේලි ගොඩයි.. අපේ කඩේ ඉස්සරහම තිබ්බේ සිංහල බෙහෙත් බඩු කඩයක් එතන ඉන්න මුදලාලි මාමාව මට තාම මතකයි
විට කාලා රතු වෙච්ච දත් පොල් රැවුල අස්සෙන් පෙන්නලා හිනා වෙන්නෙ මාත් එක්ක.මම තාත්තා බලන්න කඩේ ගාවට ආවම අනිවාර්යයෙන් ඒ මාමා මට කතා කරනවා..කතා කරලා නිකම් ඉන්නෙ නැ.. අල්ලක් පුරවලා ලොතුම ලොතු සුකිරි කැට දෙනවා.මාත් නිකම් ඉන්නෙ නෑ.. ඔය සූකිරි ටික ටික කනවා.. රන්ඩු වෙන්න කවුරුවකුත් නැ නේ.මගේ දේවල් මට විතරයි

ඒ කාලෙ වෙන ළමයි වගේ අම්මා බෝතපේට හදා දෙන කිරි එක නම් බොන්නෙ නැ කොහොමවත්..දවල් කිරි වේල බොන්න නම් මොකක් හරි වෙනස් දෙයක් කරන්නම වෙනවා..අම්මා කරන්නේ කිරි බෝතලේ හදා ගෙන මටත් ගවුමක් අන්ද ගෙන කඩේට යන එක.මං පැනගෙන යනවා.. මොකෝ ඔය වගේ දෙවල් වලට මං ගොඩක් ආසයිනෙ..ඉතින් අම්මා කියන්නත් කලින් මං අර ලී පඩිපෙල දඩ බඩ ගාලා නැගලා උඩ තට්ටුවට යනවා.ගිහින් අර පුංචි ඇදේ නිදා ගන්නවා.

අම්මා අර කිරි බෝතලේ අරන් ඇවිත් මට පොවනවා.මාත් ඔක්කෝම ටික බොනවා.බීලා නිදා ගන්නවා.දවසක් මං එහෙම නිදා ගෙන ඇහැරුනාම අම්මා ළඟ හිටියෙනෑ… මං එක හුස්මට පහලට දිව්වා..එතනත් කවුරුත් නෑ හරිම ෂෝක්

එතන තිබ්බ තාත්තගෙ මේසෙ උඩ  මොනවද තියෙන්නේ කියලා මට පෙනුනෙ නෑ.මට ඕනි වුනේ  ඒක බලා ගන්න.ඇඟිලි වලින් ඉස්සිලා බැලුවා. ඒත් පෙනුනෙ නෑ.මං ඉතිං ඒ කාලෙත් දැන් වගේ උස නෑබොහෝම අමාරුවෙන් පුටුව දිගේ බඩගාලා පුටුව උඩට නැඟගත්තා.ආ ඔන්න ඉතිං නිධානෙ හම්බ වුනා.. ඒක උඩ තිබ්බෙ තාත්තගෙ මැණික් ගල් බලන ටෝච් එක

ඒ ටෝච් ගැනත් කියන්නම ඕනි.ඒවගේ තිබ්බේ සැර එළියක් එන වැඩි වොට්ස් ගානක බල්බ් එකක්.ඉදිරිපස මූනත ගලවලා තමා පාවිච්චි කරන්නේ.මාත් ඉතින් මේසෙ උඩට නැඟලා වාඩි වෙලා කකුල් දෙකත් දිග ඇරගෙන වට පිට බැලුවා.හැමදේම උස් වෙලා පේනවා.බිම තියෙන දේවලුත් හරි පුංචි.වටේ සිරි නරඹලා ඇති වුනාම මං මේසේ උඩ තිබ්බ ටෝච් එක අතට ගත්තා.

හරි ෂෝක්.දැන් එපා කියන්න කවුරුත් නෑ.මමයි රජා.තාත්තා එන්න කලින් මේක බලන්න ඕනි.
මම ඒක එහා මෙහා කලා

එකපාරටම ඉස්සරහින් අමුතු එළියක් ආවා.මගේ ඇස් ඇදිලා ගියා.බල්බ් එක ඇල්ලුවාම පොඩි රස්නයක් දැනුනා.ඒ පාර මං ඒක කටේ දාගත්තා ගලවන්න හිතාගෙන.මෙන්න ටිකකින් ඒක ගැලවිලා කටට ආවා.මට හිතුනා රහ බලන්න.සූකිරි කනවා වගේ මං ඒක කටේ දාලා ජර බර ගාලා කෑවා..රහකුත් නෑ

ඒත් හොඳා

තව වටෙත් බැලුවා බල්බ් තියෙනවද කියලා.ම්හු නෑ.ඔන්න එක පාරට තාත්තා ආවා.කෝ මේ කවුරුත් නැද්ද? ළමයා මේසෙ උඩටත් නැඟලා තනියම..වැටුනනම් එහෙම

මම කට හොල්ලන්නෙ නෑ..
එන්න පුතේ….කෝ ටෝච් එක පැත්තකින් තියමු

පුතේ කෝ මේකෙ බල්බ් එක?
මම සද්ද නෑ..කට වහ ගෙන

කෝ පුතේ?
මම ඔළුව හෙලෙව්වා

කෝ බලන්න කට?
පුතාගේ තරම තාත්තා දන්නෙ නැතුවැයි.මෙන්න කටෙන් එකයි විදුරු..පුතේ ගිලින්න එපා…බලන්න මේ ළමයා කරන් තියෙන දේ..බල්බ් කෑලි වලට කටයි දිවයි කැපිලා

ලේත් එක්ක

ලේ දැක්කම නම් චණ්ඩියාගේ බලේ බැස්සා

කඳුලු පෙර පෙර අඩන්න ගත්තා

ඊට පස්සෙ මොනවා උනාද  මට මතක නෑ අප්පා

සොඳුරු මතක

හිමිදිරියේ බස් නැවතුම්පළ වෙත පිය නගද්දී බිම වැටී තිබූ ‘කුරූ ගහේ කොළ’ කිහිපයක් දුටිමි.මා ඵයට ඵසේ කීවද ඵය ෆයිනස් ගසක වියළි කොළ සමූහයකි.

ඵ් දුටු විගස ම බිම නැමී අහුලන්නට සිතුන සිතුවිල්ල මැඩ ගත්තේ ඉතා අසීරැවෙනි.ඵසේ වුවා නම් මා පිස්සියක් ලෙස කෙනෙකු ට සිතෙන්නට බෙහෙවින් ඉඩ තිබිනි.දුවිලි වැකුණු ඵ් කොළ කිහිපය මා සිත අතීතය ට කැදවා ගෙන ගියේ ඇසිල්ලකිනි.

සීත මිහිදුම් තිරයකින් වට වූ කදු මුදුනක් මත අප බාලිකා විද්‍යාලය පිහිටා ඇත.සොදුරැ වූ පරිසරයක් තුල සොදුරැ වූ බාලිකාවන් සමුහයක් සමග ගෙවූ සුන්දර පාසැල් විය තවමත් මතකයේ සැලකිය යුතු ඉඩක් වසා පැතිර සිටියි.උසස් පෙළ සදහා මා තෝරා ගත්තේ වාණිජ විශයයි.ප්‍රධාන ශාලාවට පිටුපසින් පිහිටා තිබූ පංති කාමර සමූහය විද‍්‍යාලයේ උසම ස්ථානයේ පිහිටා තිබේ.ඵ් අසලම උදුපියලිය ගොඩැල්ලේ ෆයිනස් ගස් කිහිපයක් තම අතුපතර විහිදමින් සරැවට වැවී ඇත.

කාලසටහනේ පරිදි free period වලදී සහ staff meeting ඇති අවස්ථා වලදී නිතැතින්ම අප ඇදී යන්නේ ඵ් අසලටය. ඵ් අන් කිසිවක් සදහා නොව වියළි ‍වැටුන ෆයිනස් කොල ඵකතු කොට ගෙතීමටය.ඵ් අනුව තොප්පි සහ තවත් විවිධ දෑ අපගේ නිර්මාණයන් ලෙස ඵළි දැක්වේ.ඵයටම පුධාන ශාලාවේ කණ්ඩිය දිගේ වැවෙන අපූරැ වූත් සුන්දර වූත් සුදු පුංචි මල් ද ඵකතු වූ විට හුරැබුහුටි ලස්සන නිර්මාණ බිහිවේ.

ගෙදරදී ගෙතීම සදහා කොළ මිටියක් බෑගයේ රැවා ගෙන යාමට කිසි කෙනෙකු පසුබට වූයේ නැත.එයට අපේ අම්මා ගේ විරැද්ධත්වය එළි පිටම පුකාශ වූයේ මා ගේ පාඩම් වැඩ අතපසු කරගන්නා බව පුකාශ කරමිනි.එකිනෙකා ගේ ආ ගිය තොරතුරැ කථාබහෙන් බෙදා ගැනීමට සහ ගහකින් කොළයක් බිම වැටුනද එයටද හිනා වීමට කුමක් හෝ හේතුවක් හදා ගැනීමට එය කදිම තෝතැන්නක් විය.එහෙත් අපේ විදුහල්පතිනිය කොයියම් අවස්ථාවකදී හෝ අනාරාධිතව අපගේ ලෝකයට සම්පුාප්ත වීමට නියමිත බැවින් අපගේ ඇස් විදුහල් භූමිය පුරා ම ඉතාමත් අවධානයෙන් දිව ගියේ හදිසියේ හෝ ඇය පැමිණිය හොත් අපට විදින්නට සිදුවන මහත් ඵල මහානිසංස ඉවෙන් මෙන් දැනෙනා බැවිනි.

කවුරැන් කෙසේ කවදා කොහොම සොයා ගත්තා දැයි නොදත් මේ අපූරු ක්‍රියාවලිය තවමත් වර්ථමාන බාලිකාවන් අතර රැදි ඇතැයි මම උදක් ම බලාපොරොත්තු වෙමි.

Tag Cloud