Archive for February, 2012

ගිනි පුපුර

ජීවිතේ ගොඩක් කළුවරයි.පුංචි එළි ඇවිත් නිවිලා යනවා , පුංචි ගිනි පුපුරු වගේ. අපි නිවෙන ගිනි පුපුර ගැන තැවෙනවා.මොකද මොහොතකට හරි ඒකෙන් ලැබෙන පුංචි ආලෝකයට අපි ලෝබ නිසා.එකක් පසු පස එකක් ගිනි පුපුරු අපේ ජීවිතේට එබෙනවා.
සමහරු ඒ ගිනි පුපුර ලං කරගෙන ඉක්මනට නිවිලා ගියාම ඒ ගැනම විතරක් හිත හිතා දුක් වෙනවා.
තවත් සමහරු එක ගිනි පුපුරක් ලං කරගෙන ඒක නිවිලා ගියාම ඊලඟට එන ගිනි පුපුරෙන් එළිය බලනවා.
තවත් අය ගිනි පුපුර ගනන් නොගෙන ගිනි මැලයක් ගැන හිත හිතා ඉඳලා ඒක නොලැබුනාම අර නොසලකා හැරිය ගිනි පුපුරු ගැන දුක් වෙනවා.එතකොට ජීවිතේ ගෙවිලා ඉවරයි.
ඇත්තටම අපි මේ වගේ නේද?


_________________________________________________________

නම නොදන්නා ගස

කටු ඉපල් අත් දඩු
අහස වෙත යොමා ගෙන
කඳුළු නැති ඇස් දෙකෙන්
බිම බලා හූල්ලන
මැරෙන්නට නියමිත
නම නොදන්නා ගස……..
ලා කැකුළු පුබුදන්න
හරිත දළුවක් නොමැතිව
සුළඟේ නටන්නට
එකදු තුරු පතක් නොමැතිව
වියැලිලා ඉරි තැළුන
විසල් කඳ දරා ගෙන
ළඟ පාත කොළ පාට
ඇස් දෙකෙන් උරා ගෙන
බිම බලා සුසුම් ලන
මැරෙන්නට නියමිත
නම නොදන්නා ගස……

Tag Cloud