Archive for March, 2011

මහිලාවො

12 වැනි පිටුව

Advertisements

ගෙම්බා සහ කුමාරිය

සෙවල පිරුණ කැත ගෙම්බෙක්
ලස්සන සුදු කුමාරයෙක්
වෙන්ට හදයි යාප්පුවෙන්
මගෙ දෙතොලින් හාදු අරන්…..

රාත්‍රිය

සඳ කැළුම් ගෙන නෙතට
පුබුදුවා කඩුපුල් ව
වළාකුළු සුදු වරළ
දිග හරියි ගං දියත
රතුපාට නටු අගින්
අල්ලලා එක විටම
හෙළයි සේපාලිකා
මල් උඩ ඉඳන් පහළටම
ආභරණ පෙට්ටියේ
කැඩුණ මුතු පොටක් ගෙන
හැළුවාය ටිකෙන් ටික
පිණිබිංදු පිබිදෙන්න
සීතලේ ගුලි ගැසී
නිදන පොඩි පැටව් ටික
හෙමි හෙමින්
පිරිමදි ඉක්මනින් ලොකු වෙන්න

මං තරහයි

සුළඟ එක්ක මං තරහයි
ඇගේ ඇඟේ එතෙනවාට
මලුත් එක්ක මං තරහයි
ඇගේ සුවඳ හමනවාට
ගඟත් එක්ක මං තරහයි
ඇගෙ සිහිලස බෙදනවාට
මාත් එක්ක මං තරහයි
ඈ ව දමා දුර ගියාට

මං තරහයි

13 වැනි පිටුව

13 වැනි පිටුව

11 වැනි පිටුව

11 වැනි පිටුව

15 වැනි පිටුව

15 වැනි පිටුව

Tag Cloud