Archive for August, 2010

බලාපොරොත්තු

ජීවිත
මිනිස්සු
බලාපොරොත්තු
මේ හැම දෙයක් ම එකිනෙකට සම්බන්දයි කියලා මට හිතෙන්නේ.අපිට ජීවත් වෙන්න බලාපොරොත්තුවක් ඕනි.පුන්චි කලෙ අපි හිතනව අපි ලොකු උනම මෙහෙම කෙනෙක් වෙනව අරෙහෙම කෙනෙක් වෙනවා කියලා.එකත් ජීවත් වෙන්න හොද බලාපොරොත්තුවක්.පස්සෙ කාලෙක හිතනව මම campus යනව හොද ජොබ් එකක් කරනවා කියල. ඇත්තටම බලාපොරොත්තුවක් නැතුව ජීවත් වෙන්න අමාරුයි.බලාපොරොත්තු එකක් ගැන හිතාගෙන ඉන්නවට වඩා බලාපොරොත්තු පොදියක් තියන් ඉන්න එක හොදයි අපේ ජීවිත වලට. මොකද එක බලාපොරොත්තුවක් බිදුනම අපිට හිතන්න තව බලාපොරොත්තු පොකුරක් තියෙනවා.එත් එක්කම බලාපොරොත්තු බිද වැටීම නිසා හිතේ ඇති වෙන දුක අඩු කර ගන්නත් පුලුවන්.කවුරු හරි කියනව නම් එයාගෙ ජීවිතේ බලාපොරොත්තු නෑ කියලා ඒක බොරුවක් කියලයි මට හිතෙන්නෙ.. මොකද කෙනෙක් ගෙ ජීවිතේ ජීවත් කරන්න පුන්චිම පුන්චි හරි බලපොරොත්තුවක් තියෙන්න ඕනි.අනේ මට බලාපොරොත්තුවක් නෑ කියලා කාටවත් කියන්න බෑ.අනිත් එක අපි ඔහේ බලන් හිටියට බලාපොරොත්තු ලගට එන්නේ නෑ.අපි ඒවා හොයා ගෙන යන්න ඕනි.හොද යාලුවෙක් ඉන්නවා නම් එයා ජීවිතේ ට බලාපොරොත්තු සපයනවා.එහෙම කෙනෙක් ජීවිතේ ට ඉන්න එක ලොකු ශක්තියක්. ඒ වගේම පහසුවක්.ඒක බලාපොරොත්තුවක් ඉශ්ට වෙනකොට තව එකක් හොයා ගන්න ඔනි..විවාහ වෙන එක පෙම්වතුන්ගේ බලාපොරොත්තුවක්.ඒ බලාපොරොත්තුව ඉශ්ට උනාට පස්සේ දරුවෙක් ගැන බලාපොරොත්තු තියා ගන්නවා.ඒ වගෙ බලාපොරොත්තු එකින් එකට එකින් එකට සම්බන්ද වෙන වෙලාවලුත් තියෙනවා.
දේව කතා වල එන පැන්ඩෝරා ගැන ඔබ අහලා ඇති.පැන්ඩෝරගේ පෙට්ටගමෙන් දෙවියන් ගේ තැගි ඔක්කෝම හැලුනට පස්සෙ අන්තිමට ඉතුරු උනේ බලාපොරොත්තුව.
ඒ නිසා බලාපොරොත්තුව තමා කෙනෙක් ගේ ආත්මයේ අවසානය දක්වා දැල්වී තියෙන අවසාන ගිනි පුලිගුව.

ඉතින්
ජීවිතේ ගැන හිතන්න
බලාපොරොත්තු ජීවිතේට එකතු කර ගන්න

Advertisements

නිදැල්ලේ යවපු පන්දුව

එල්ලය බලා
මම එවුව පන්දුවට
පාදය පෙරට තබා
ඔබ එය
නිදැල්ලේ යවපු
අපුරුව!

නිසංසල සිතුවිල්ල

නිසංසල සිතුවිල්ල
හද ම කැළඹූ මගේ
කියූ පෙම් වදන් වැල්
තාම ඇහෙනවා වගේ
හද හොරෙන් ඉකි බිඳී‍
නුඹ දන්නෙ නෑ වගේ
ආදරේ ළඟ තබා
හැංගුනේ නුඹ කොහේ

නාදුනන පොඩිත්ති

රෝස පැහැ මුව තුලින්
කිරි සිනා පොඩි අරන්
වැටි වැටී ඇවිදිමින්
මා සොයා ලගට විත්
මගේ උකුලට පැන්න
නාදුනන පොඩිත්ති
නුබෙ සෙනේ උනුසුමින්
මගේ හිත ගිනි අරන්
සිනිදු දැතින් ඔබේ
මගේ වත අල්ලමින්
කියු දේ කුමක් දැයි
මම තාම හිතනවා
මවක් නොවුනත් මගෙ
මවු සෙනේ අවදි වී
නුබෙ මුව දකින්නට
මගේ හද හඩනවා

ජීවිතේ මගේ ඔයා

මම කියන්නද?
මගේ එකම පැතුම ඔයා
ඔයා ගෙන් තොර ලොවක් නෑ මට කියලා
ඒක මොන බොරුවක් ද කියලා හිතෙනවා එක අතකින් බැලුවම
ඔයාව මුන ගැහෙන්න කලින් මම ජීවත් උනේ නැත්තෙ නෑ නේ
එහෙම නේද?
පෙම්වතුන්ගේ ලෝකෙ වෙලාවකට හරිම බොලදයි
ඒත් එකෙන් තමයි ආදරේ සුන්දර වෙන්නේ කියලා හිතෙනවා වෙලවකට
ඒත් බැන්දට පස්සෙ ඔය කියන සුන්දර වචන ඔක්කොම වාශ්ප වෙලා යනවා (හැමෝම මේ වගෙ නෑ)
පෙම්වතුන් වෙලා ඉන්න කාලේ තිබ්බ ආදරේ බැන්දාමත් තියෙනවානම් හොදයි නේද?


Tag Cloud