මට මතක ඇති කාලෙ මං හිටියෙ ආතාලගෙ ගෙදර. ඒ ගෙදර අම්මයි තාත්තයි ආතායි ආච්චියි නැද්දයි තමා හිටියෙ.හොඳට ගොම මැටි ගාලා හදපු ගෙයක් ඒක. ඒ ගෙදරට උඩින් කන්ද උඩ තිබ්බෙ ආච්චිගෙ අම්මයි තාත්තයි ඉන්න ගෙදර. මට දැන් උනත් මතකයි ඒ දෙන්නගෙ මූණුවර.
තාත්තගෙ අක්කලා ඒ කියන්නෙ මගේ නැන්දලාගෙ ගෙවල් තිබුනෙත් අහල පහලමයි. ඉතිං හවසට අක්කලා අයියලා එක්ක සෙල්ලම් කරන එක තමා මගෙ වැඩේ. එයාලා අපේ ගෙදර එන්නේ මං එතන හිටපු ඉස්කොලෙවත් යන්නෙ නැති පොඩිම එකා හින්දා.
අපේ ගෙදර ඉස්සෙල්ලම හිටියේ හාවො. සුදුපාට හාවො…. වැඩේම කන එක.මොනවා දුන්නත් කනවා. ඒ දවස්වල මගේ තියෙන එකම ප්‍රශ්නෙ තමා බත් කන එක. එච්චර පුංචි හාවොත් අච්චර ගොඩක් කනවා නම් ඇයි ඔයාට කන්න බැරි කියලා නැද්දත් අහනවා.මගෙ එකම විනෝදාංසෙ උනෙ මොනවා හරි කොළ ජාතියක් ගෙනත් දීලා හාවො කන හැටි බලන් ඉන්න එක…
කොහොමින් කොහොම හරි අපේ ගෙදරට පූසෙකුත් ගෙනාවා. මම එයාට නම තිබ්බෙ ප්‍රභාවති කියලා. ටී වී තිබ්බෙ නැති ඒ කාලෙ හැම වෙලේම වගේ රේඩියෝ එක ගෙදර දාලා තිබ්බා.
ඒ කාලෙ සිංදුවක් තිබ්බා
“ඕ….. ඕ රූපසිරි
ඕ….. ඕ ප්‍රබාවති “ කියලා

අන්න ඒකෙන් තමා ඔය නම ගත්තේ. ඒ පූස් තඩියා වඩා ගෙන ෆොටෝ එකකුත් ගත්තා.ඒත් මට දැන් ඒක හොයා ගන්න නැ. මට මතක තාත්තා කැමරාවෙන් ෆොටෝ එක ගත්ත ගමන් ප්ලෑෂර් එකට බයේ ප්‍රභාවති මාවත් හූරලා පැනලා දිව්ව හැටි.

ආච්චි අම්මා බොහෝම අකමැති ඒ පූසට. මං පුංචි නිසා නොතේරුනාට පස්සෙයි දන්නෙ ආච්චිඅම්මගේ නම රම්‍යවති. පූසට තිබ්බේ ඊට වඩා පොෂ් නමක්.අන්න ඒකයි හේතුව

cat-wallpaper-38

ඒ සෑම මංසන්ධියකම
ගල් පුවරුවක් ඇත
ඒ සෑම ගල් පුවරුවකම
නමක් ඇත
ඒ සෑම නමක් ඉදිරිපිට
මතක සැමරුමක් ඇත
ඒ සෑම මතක සැමරුමක් මත
වියලී ගිය කඳුළු කැටි ඇත
ඒ සෑම කඳුලක්ම හදවත
රෝගී කරනා දිනක්ද ඇත
avebury-diamond-stone-l

සුළඟ

සුළඟ මහා කලාකරු
මල් පෙති මත
දෙවිවරු
ලියපු කවි බලන
ඉතා උස් තුරු මත
කුරුල්ලන් ලියන
තාල ගයන..

.
ඉතා කුඩා ජීවියෙක්
හාදුවක උණුසුමට
අරක් ගෙන හදවතට
අරගල කරන
සාංසාරික හුරුපුරුදු බව
ඒ ඇස් වලට කියන්නට හදන
මොහොතකට මා
බුහුටි ලෙස
කාන්දම් කරන
අහලින් පහල
සියළු ඇස් අද්දන
මම නොවන
ඉතා කුඩා ජීවියෙක්
අතහැරිය බලාපොරොත්තු
යලි උපද්දන්නට
වෙර දරන…..
936full-the-grudge-2-poster

අපො මේ වැස්ස පායන එකක් නැද්ද? මිස් මරෑටි එළියට බහින ගමන් හිතුවේ හරිම හිරිකිතෙන්.පාරෙ මඩ වලවල් පිරිලා.අඩියක් පේන්නෙත් නැති තරමට.. වැටුනොත් කකුලක් කොර වෙයි. මොනවා කරන්නද යන්න වෙනවා..

“රිය ඇතුලේ උණුහුම ඔබට දිදි නහවයි මා පැන පැන මඩ වතුරේ“

ඒ සිංදුව කියන්නේ මරූටිටමයි කියලා එයාට හිතුනේ මේ වගේ වෙලාවල තමා. ඔන්න මේ වැස්ස අස්සේ අකුණුත් පුපුරනවා.. නුග ගහක් යට නැවතිලා හිටපු සිවික් කෙල්ලෙක් බයටම කෑ ගහන්න ගත්තා.

අනේ පවු අයිතිකාරයො නැතුව ඇති… මේ වැස්සෙ ඇහෙන්නෙත් නැතුව ඇති…

මරූටි දුක් වුනා..

ඔන්න ඊඟාව එපා කරපු වැඩේ.. ඇඟේ ගෑ වී නොගෑ වී ට්‍රැෆික් එකේ නැවතිලා ඉන්න එක.. ඒ මදිවට වැස්ස.. නොනවත්වා නලලට වැටෙන වැහි බිංදු ටික පිහදාන ගමන් මරූටිට සුසුමක් හෙලුනා.

ස් ස් මේ මේ

ඒ කවුද මරූටි වටපිට බැලුවා..

මෙන්න එහා පැත්තේ ලස්සන හයිබ්‍රිඩ් කොල්ලෙක්.. කූලින් ග්ලාස් දාලා.. දිලිසෙන ඇඳූමක් ඇඳලා.. පුංචි හීරීමක් වත් නැතුව.. මරූටි හිනා වෙලා හෙඩ් ලයිට් බිමට හැරෙව්වෙ ලැජ්ජාවෙන්..

මේ මං ආසයි ඔයාගේ ස්කින් කලර් එකට..

පාකින් ලයිට් එක අස්සෙන් හෙමිට උඩ බලලා මරූටි හිනා වුනා..

හයිබ්‍රිඩ් මරූටි ට ඇහැක් ගැහැව්වා.. ඒ ඇත්තටම එයා මට කැමතිද? මට වඩා ලස්සන අය ඕනි තරම් ඉන්නේ? සෙරීනාලා කැරීනලා ..

හෙමින් හෙම්න් ඇදෙන වාහන කන්දරාවේ අඟලෙන් අඟල ලන් වුන මේ දෙන්නා කතා කරන්න ගත්තා.. ඒ විනාඩි ගානට ඉන්න තැනත් දැන කියා ගෙන ඉවරයි…

 

එක පාරටම පිටිපස්සෙන් ඇහුන කෑගැහිල්ලකින් අඩ විසි වෙච්චි මරෑටි පැත්තකට වුනා.. ඒ ඉඩ අස්සෙන් ඔළුව ඔබා ගත්ත හැමතැනම පච්ච කොටා ගෙන කනේ කරාබු 10 විතර දාගෙනරස්තියාදු කාර ත්‍රීවීල් එකක් මරූටි ලඟටම ආවා..

ඇඟේ ගෑවෙයි කියලා මරූටි හිටියේ හරි බයෙන්.. ඒත් එන්නෙම ඇඟට.. හයිබ්‍රිඩ් කොල්ලා නොපෙනී ගිහින්..

යාන්තං දැනෙන නොදැනෙන ගානට මරූටිගේ වම් කන ඉඹපු ත්‍රීවීල් කොල්ලා මෙහෙම කිව්වා

“ නංගී මං කතා කරනවා බොක්කෙන්

බොක්කෙන් කියන්නේ බෙංගාල බොක්කෙන්

කොච්චර වායු පීඩන සුළි සුලන් තිබුනත් මං උඹට ආදරෙයි

උඹ ආදරෙයි කියලා එක වචනයක් දාපන්

උඹව බැඳලා වත්තට එක්කන් ගිහින් මං දවස් 7 මඟුල් කනවා“

 

රතුවෙච්චි කන ගැන හිතන්නත් කලින් ත්‍රීවීල් කොල්ලා ඉගිලිලා ගිහින් තිබුනා…cars

පුංචි කාලෙ මං ගැන මතක තියෙන කතා ටිකක් කියන්නයි හැදුවෙ…

මට මේවා මතක් වෙනකොට හිනත් යනවා.

ඉස්සර මං පුංචි කාලේ ඒ කියන්නේ අවුරුදු 3 4 වගේ වෙනකොට ගෙදර හිටියෙ මං විතරයි.. නංගිලා මල්ලිලා කවුරුවත් ම නෑ.. ඉතින් ගෙදර හුරතල් වෙවී හිටියෙ හරි ආඩම්බරෙන්.
තාත්තට ඒ දවස්වල රත්නපුරේ පොඩි කඩ කෑල්ලක් තිබුනා.. සිල්ලර බඩු නෙවෙයි මැණික් මිලදී ගන්නා ස්ථානයක්. දැන් එතන මොකක්ද තියෙන්නේ කියලා මට මතක නෑ.. ගොඩ කාලෙකින් ඒ පැත්තෙ යන්න බැරිවුන නිසා..පොඩි මේසයක් පුටු කිහිපයක් එක්ක ගොඩක් ඉඩ තිබ්බ තැනක් ඒක.
ඒ එක්කම පුංචි ලි තරප්පු පේලියක් තියෙන පුංචි උඩ තට්ටුවකුත් තිබ්බා
එතන පුංචි ඇඳක් තිබ්බා මට මතකයි.
මට ම කියලා එතන හදලා තිබ්බා කියලා තාත්තා මට කිව්වා..
කඩ කාමරය ඉස්සරහ කෙලින් විදිය.. කඩ පේලි ගොඩයි.. අපේ කඩේ ඉස්සරහම තිබ්බේ සිංහල බෙහෙත් බඩු කඩයක් එතන ඉන්න මුදලාලි මාමාව මට තාම මතකයි
විට කාලා රතු වෙච්ච දත් පොල් රැවුල අස්සෙන් පෙන්නලා හිනා වෙන්නෙ මාත් එක්ක.මම තාත්තා බලන්න කඩේ ගාවට ආවම අනිවාර්යයෙන් ඒ මාමා මට කතා කරනවා..කතා කරලා නිකම් ඉන්නෙ නැ.. අල්ලක් පුරවලා ලොතුම ලොතු සුකිරි කැට දෙනවා.මාත් නිකම් ඉන්නෙ නෑ.. ඔය සූකිරි ටික ටික කනවා.. රන්ඩු වෙන්න කවුරුවකුත් නැ නේ.මගේ දේවල් මට විතරයි

ඒ කාලෙ වෙන ළමයි වගේ අම්මා බෝතපේට හදා දෙන කිරි එක නම් බොන්නෙ නැ කොහොමවත්..දවල් කිරි වේල බොන්න නම් මොකක් හරි වෙනස් දෙයක් කරන්නම වෙනවා..අම්මා කරන්නේ කිරි බෝතලේ හදා ගෙන මටත් ගවුමක් අන්ද ගෙන කඩේට යන එක.මං පැනගෙන යනවා.. මොකෝ ඔය වගේ දෙවල් වලට මං ගොඩක් ආසයිනෙ..ඉතින් අම්මා කියන්නත් කලින් මං අර ලී පඩිපෙල දඩ බඩ ගාලා නැගලා උඩ තට්ටුවට යනවා.ගිහින් අර පුංචි ඇදේ නිදා ගන්නවා.

අම්මා අර කිරි බෝතලේ අරන් ඇවිත් මට පොවනවා.මාත් ඔක්කෝම ටික බොනවා.බීලා නිදා ගන්නවා.දවසක් මං එහෙම නිදා ගෙන ඇහැරුනාම අම්මා ළඟ හිටියෙනෑ… මං එක හුස්මට පහලට දිව්වා..එතනත් කවුරුත් නෑ හරිම ෂෝක්

එතන තිබ්බ තාත්තගෙ මේසෙ උඩ  මොනවද තියෙන්නේ කියලා මට පෙනුනෙ නෑ.මට ඕනි වුනේ  ඒක බලා ගන්න.ඇඟිලි වලින් ඉස්සිලා බැලුවා. ඒත් පෙනුනෙ නෑ.මං ඉතිං ඒ කාලෙත් දැන් වගේ උස නෑබොහෝම අමාරුවෙන් පුටුව දිගේ බඩගාලා පුටුව උඩට නැඟගත්තා.ආ ඔන්න ඉතිං නිධානෙ හම්බ වුනා.. ඒක උඩ තිබ්බෙ තාත්තගෙ මැණික් ගල් බලන ටෝච් එක

ඒ ටෝච් ගැනත් කියන්නම ඕනි.ඒවගේ තිබ්බේ සැර එළියක් එන වැඩි වොට්ස් ගානක බල්බ් එකක්.ඉදිරිපස මූනත ගලවලා තමා පාවිච්චි කරන්නේ.මාත් ඉතින් මේසෙ උඩට නැඟලා වාඩි වෙලා කකුල් දෙකත් දිග ඇරගෙන වට පිට බැලුවා.හැමදේම උස් වෙලා පේනවා.බිම තියෙන දේවලුත් හරි පුංචි.වටේ සිරි නරඹලා ඇති වුනාම මං මේසේ උඩ තිබ්බ ටෝච් එක අතට ගත්තා.

හරි ෂෝක්.දැන් එපා කියන්න කවුරුත් නෑ.මමයි රජා.තාත්තා එන්න කලින් මේක බලන්න ඕනි.
මම ඒක එහා මෙහා කලා

එකපාරටම ඉස්සරහින් අමුතු එළියක් ආවා.මගේ ඇස් ඇදිලා ගියා.බල්බ් එක ඇල්ලුවාම පොඩි රස්නයක් දැනුනා.ඒ පාර මං ඒක කටේ දාගත්තා ගලවන්න හිතාගෙන.මෙන්න ටිකකින් ඒක ගැලවිලා කටට ආවා.මට හිතුනා රහ බලන්න.සූකිරි කනවා වගේ මං ඒක කටේ දාලා ජර බර ගාලා කෑවා..රහකුත් නෑ

ඒත් හොඳා

තව වටෙත් බැලුවා බල්බ් තියෙනවද කියලා.ම්හු නෑ.ඔන්න එක පාරට තාත්තා ආවා.කෝ මේ කවුරුත් නැද්ද? ළමයා මේසෙ උඩටත් නැඟලා තනියම..වැටුනනම් එහෙම

මම කට හොල්ලන්නෙ නෑ..
එන්න පුතේ….කෝ ටෝච් එක පැත්තකින් තියමු

පුතේ කෝ මේකෙ බල්බ් එක?
මම සද්ද නෑ..කට වහ ගෙන

කෝ පුතේ?
මම ඔළුව හෙලෙව්වා

කෝ බලන්න කට?
පුතාගේ තරම තාත්තා දන්නෙ නැතුවැයි.මෙන්න කටෙන් එකයි විදුරු..පුතේ ගිලින්න එපා…බලන්න මේ ළමයා කරන් තියෙන දේ..බල්බ් කෑලි වලට කටයි දිවයි කැපිලා

ලේත් එක්ක

ලේ දැක්කම නම් චණ්ඩියාගේ බලේ බැස්සා

කඳුලු පෙර පෙර අඩන්න ගත්තා

ඊට පස්සෙ මොනවා උනාද  මට මතක නෑ අප්පා

.
වැහි කාලෙට
කළු පාට
තාර පාර
මූන බලන
කණ්නාඩියක් වන

The Road
became a Mirror
after dark night shower
_______________________U___

Tag Cloud